Thursday, July 27, 2017

සොම්බි සහ flakka

 මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත්ද්‍රව්‍යයක්  හදුනාගත හැකිය.වෙළඳ නාමය  flakkah වන මෙහි විද්යාත්මක නාමය වන්නේ alpha-Pyrrolidinopentiophenone ය.මෙය මිට අමතරව α-pyrrolidinovalerophenone, α-PVP, O-2387, β-keto-prolintane, Prolintanone හෝ  Desmethyl Pyrovalerone ලෙසද වෛද්‍ය විද්‍යාව තුල හඳුන්වනු ලබයි. එය කැටිනෝන් පන්තියේ ඇම්පෙටැමයිමින් වැනි උත්තේජකවලින් සාදා ඇති කෘතිම අනුවාදයකින් සාදා ඇත.මෙය 1960 ගණන් වල කෘත්‍රිමව නිර්මාණය කරන ලද උත්තේජකයකි. එය  භාවිතා කරන්නේ හීන වූ  ශක්තිය නැවත  ලබා දෙමින් ශරීරය උත්තේජනය කිරීම සඳහාය.නමුත් මෙම කෘත්‍රිම උත්තජක ඖෂධය පසුකාලීනව මත්ද්‍රව්‍යයක් ලෙස වෙළඳ පලට නිකුත් වේ.ඒ flakka නැත්නම් gravel ලෙසය.flakka අධික ලෙස ශරීර ගත වීම නිසා මිනිසා ප්‍රකෘර්ති ස්වභාවයෙන් වීකෘති ස්වභාවයට පත්වේ.ඔබ මුහුණු පොත හරහා මේ දිනවල නරබන්නේ එසේ අධිමාත්‍රාවකින් flakka ශරීර ගත වුවන්ය.ඔවුන් සම්පුර්ණයෙන්ම සොම්බින් ලෙස හැසිරෙන්නේ අධිමාත්‍රික flakka හේතුවෙනි.නමුත් ඔවුන් කිසිදු විටක සොම්බින් බවට පත්වන්නේ නැත.flakka ශරීර ගත වූ පසු ශරීරය එය දිගින් දිගටම ඉල්ලීම නිසා මිනිසුන් මෙයට ඇබ්බැහි වේ.එහිදී වරින් වර ලබාගන්න මාත්‍රාවන් ශරීරයට ඔරොත්තු දීම නිසා පුද්ගලයන් සිදු කරන්නේ ගන්න මාත්‍රාව වැඩි කිරීමය.මෙහිදී ඔවුන් නොදැනුවත්වම අධිමාත්‍රාවක් ශරීර ගත කරගැනීමට පෙළබේ.එමගින් ඔවුන් විවිධ දේවල් මවාගනී.ඔවුන්ට සිතෙන්නේ තමන් යෝධයෙකු හෝ අධි හැකියාවකින් යුත් පුද්ගලයෙක් ලෙසය.එම නිසාම තට්ටු 100 ක ගොඩනැගිල්ලකින් වුවද පැනීමට ඔවුන් දෙපාරක් සිතන්නේ නැත.සියදිවි නසාගැනීමේ සම්බාවිතාවය වැඩිකිරීමට flakka දක්වන්නේ ඉහල දායකත්වයකි. flakka දිගින් දිගටම භාවිත කිරීම මොලයට සහ ශරිරට කරන්නේ සුළුපටු හානිකිරීමක් නොව.flakka භාවිත කරන පුද්ගලයා එයින් මුදවා ගත හැකි වුවද එය නැවත නැවතත් ශරීරය ඉල්ලීම නිසා මෙය තරමක් අපහසු වී ඇත. flakka මට්ටම ශරිරට දාරගත නොහැකි වූ අව්වස්තවල එම පුද්ගලයන් අනුන්ට වගේම තමන්ටද හානි කරගැනීමට පෙලබෙයි.එයට අමතරව හදවත අක්‍රියවීම සහ වකුගඩු ආබාධ  නිසාද මරණ සිදුවේ.

2014 ජනවාරි 28 දින flakka ඇමෙරිකානු රජය විසින් තාවකාලිකව තහනම් කරන අතර ඉන් අනතුරුව එය සම්පුර්න තහනමකට යටත් කරන ලදී.2015 ඔක්තෝම්බර් වන විට එය චිනයේද තහනම් කරන ලදී.2012 ජනවාරි මස ඉතාලි ජනාධිපති විසින් flakka මත්ද්‍රව්‍යක් ලෙස හදුන්වන ලදී.2016 ජුලි මස වන විට ඔස්ට්‍රලියානු රජය flakka තහනම් කරන ලද්දේ එරට විෂකාරක නිර්ණායකයන්ට යටත්ව  කිසිම ආකාරයක ලබාගැනීමට,ලබාදීමට නිෂ්පාදනයට  හෝ විකිනීමට නොහැකි ලෙසය.බොහෝ අත්වල flakka සම්පුර්ණයෙන් සහනම් කර නොමැති වුවද එය භාවිත කල හැකි නිර්නායකයන් පැහැදිලිව දක්වා ඇත.වෛද්‍ය  විද්‍යාත්මක පර්යේෂණ සදහා හෝ ක්‍රීඩා සඳහා flakka භාවිත කල හැක්කේ සෞඛ්‍ය අධිකාරින්ගේ පුර්න අනුමැතිය සහිතව පමණි.flakka සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලෙස අස්ටොනියාව,ෆින්ලන්තය,ප්‍රංශය ,ජර්මනිය,හංගේරියාව,අයර්ලන්තය,ලිතුවේනියාව,පෝලන්තය,රුමේනියාව,ස්වීඩනය,බ්‍රිතාන්‍ය ,නොර්වේ සහ චෙක් ජනරජය හඳුනාගත හැකිය.
link බලන්න .
https://www.youtube.com/watch?v=eXUREU3JKEA
https://www.youtube.com/watch?v=ZIfeAwGlo_o

Tuesday, July 25, 2017

ගිලිගිය ආදරේ





අද වන තුරු ප්‍රේමවෘතාන්ත චිත්‍රපට ගොන්නේ ඉහලින්ම වැජබෙන චිත්‍රපටයක් ලෙස හදුනාගත හැකි ටයිටැනික් චිත්‍රපටය 1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කර ,රචනා කර, නිෂ්පාදනය කර සංස්කරණය කරන ලද්දකි. RMS ටයිටැනික් නැව ගිලීයාමේ ව්‍යසනය කැටිකොටගත් ප්‍රේම වෘත්තාන්තමය චිත්‍රපටයකි. 1912 දී සිය මංගල ගමනේ  යෙදෙන අතරතුරදී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වන ටයිටැනික් නෞකාව තුළදී ආදරයෙන් වෙළෙනආදරවන්තයන් දෙදෙනෙකුගේ කතාව මෙයින් දිගහැරේ. සමාජයේ වෙනස් සමාජ පන්ති දෙකකින් එන ජැක් ඩෝසන් සහ රෝස් ඩිවිටි බුකාටර් අතර ප්‍රේම වෘතාන්තය මෙය තුළින් ගෙන හැර දක්වයි.මෙම චරිත දේකට පන පොවන්නේ ලියනාඩෙ ඩි කැප්රියෝ සහ කේට් වින්ස්ලට් ය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සහ කේන්ද්‍රගත ආදර කතාව කල්පිත ඒවා වුවද සමහර සහායක චරිත(නාවික පිරිසෙහි සාමාජිකයන් වැනි) ඓතිහාසික චරිත පදනම් කරගෙන ගොඩනගා ඇත. ග්ලෝරියා ස්ටුවර්ට් විසින් වයස් ගත රෝස් ගේ චරිතය රඟ දක්වන අතර ඇය විසින් නූතන දින රාමුවක සිට කතාව කියනු ලැබේ. සුන්බුන් වූ සැබෑ RMS ටයිටැනික් නෞකාවෙහි කොටසක් රූපගත කළ කැමරන් විසින් 1995 දී චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කළේය. ඔහු විසින් මෙම ආදර කතාව සැබෑ ජීවිතයේ ශෝකාන්තය දැනවීමට ප්‍රේක්ෂක පිරිස ඇඳ බැඳ තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස චිත්‍රපටයේ වර්තමාන දර්ශන සඳහා රූගත කිරීම් Akademik Mstislav Keldysh හිදි සිදු කෙරෙනු අතර Playas de Rosarito හිදී නෞකාව යලි නිර්මාණය කරන ලදී. ටයිටැනික් සඳහා දැරූ වියදම ඇ.ඩොලර් මිලියන 200ක් පමණ වූ අතර එය මෙතෙක් නිපදවා ඇති වැඩිම වියදම් දැරූ චිත්‍රපටයද වේ. මේ සඳහා Paramount Pictures සහ20th Century Fox. ආයතනද මූල්‍යයමය ආධාර සපයා ඇත. චිත්‍රපටය 1997 ජුලි මස 2 වැනි දා මුලින්ම නිකුත් වීමට නියමිතව තිබුණද එයින් පසු නිෂ්පාදන කාර්යන් නිකුත් වීමේ දිනය 1997 දෙසැම්බර් 19 වැනිදා දක්වා කල් ගියේය. ටයිටැනික් නිකුතුවේ දිනය කල් යෑම පිළිබඳ පුවත සැල වීමත් සමග මුද්‍රණාලය ටයිටැනික් අසාර්ථකවේ යැයිද එය Fox සහ Paramount ආයතන වල වැටීමට හේතු වේ යැයි ද විශ්වාස කළේය. සියලු සුන්වූ බලාපොරොත්තු මැද ටයිටැනික් චිත්‍රපටය චිවේචනාත්මක වශයෙන් සහ වාණිජමය වශයෙන් සාර්ථක චිත්‍රපටයක් බවට පත්විය. එය ඇකඩම් සම්මානසඳහා යෝජිත නම් අතරට 14 වතාවක් එකතු වෙමින් ඇකඩම් සම්මාන සඳහා වැඩියෙන්ම යෝජනා වු චිත්‍රපටය බවට පත්විය. ටයිටැනික් චිත්‍රපටය හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානය ඇතුළුව ඇකඩම් සම්මාන 11 ක් ජයග්‍රහණය කළේය. එමෙන්ම එය ලොව වටා ඩොලර් බිලියන 1.8 ආදායමක් ලබමින් මෙතෙක් වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවටද පත්විය.

සොම්බි සහ flakka

  මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත් ද්‍රව්‍යයක්   හදුනාගත හැකිය . වෙළඳ නාමය  ...