Wednesday, May 31, 2017

චැප්ලින්ගේ ප්‍රේමාවතරණය


වර්ෂ   1889 අප්‍රේල් මස චාර්ල්ස් චැප්ලින් (ජ්‍යෙෂ්ට) සහ හැනා හිල් යුවලට දාව චැප්ලින් උපත ලැබිය.බීමත්කම සහ දුරාචාරයේ ඇලී ගැලී සිටි පියාගෙන් හෝ උම්මත්තක මවගෙන් ආදරයක් ආරක්ෂාවක් නොලත් චැප්ලින් සහ ඔහුගේ සහෝදරයා වන සිඩ්නිගේ ජීවිතයෙ කම්ටොලු වලින් නම් කිසිදු අඩුවක් නොවිය.අදික මත්පැන් භාවිතය නිසා වයස අවුරුදු 34 දී පියා මිය යන විට  චැප්ලින්ට යන්තමින් වයස අවුරුදු 9ක් වුවා පමණි .එතනින් අරබෙන්නේ ඔහුගේ ජිවිතේ නරකම කාලයයි.එයම සාර්ථකත්වයේ හිනි පෙත්තටම ලගා වුවද මත් වතුරෙහි ඇලී නොසිටීමට චැප්ලින්ට ගුරු හරුකම් සපයන ලදී. එකී කරුණ මේ අති විශිෂ්ට රංගධරයාගේ මෙන්ම සමස්ත ලෝක සිනමාවේද භාග්‍යය විය.
නිහඩ සිනමා කලාවේ නොමැකෙන සලකුණක් සටහන් කල චැප්ලින්ගේ අනන්‍යතාවය වූයේ අබලන් සපත්තු යුවල , රුම් තොප්පිය සහ පෙන්ගුවින් පක්ෂියෙකුගේ මෙන් ගමනය.දුක තුලින් සතුට උපද්දීම චැප්ලින්ගේ විශේෂත්වය විය.හිටි හැටියේ ගසක කණුවක හැපීම,කානුවක වැටීම වැනි සරල කාරණා මෙන්ම ජිවිත පොතට වටිනා සංකීර්ණ කරුණුද චැප්ලින්ගේ කතාවන්හි අන්තර්ගත විය.කුඩා කල සිටි ඔහු විදි අනන්ත අප්‍රමාන වූ කම්කටොලු ඔහුගේ එකී මහරු නිර්මාණයන්ට පාදක විය.
චැප්ලින්ගේ සිනමා චාරිකාව සිනමා පට 83කින් සමන්විතය .ඔහුගේ ඉහලම ප්‍රේක්ෂක විචාර ප්‍රසාදය හිමි කෘති අතරට The kid(1920) ,The gold rush(1925) ,City light(1931) ,Great dictator (1940) ආදිය හදුනා ගත හැකිය.කුඩා සිරුරකට හිමිකම් කියූ චැප්ලින් නිහඩ සිනමාව තුල අසහාය පතාක යෝධයෙකු විය. චැප්ලින්ගේ සිනමා ජීවිතය සේම ඔහුගේ පෞද්ගලික ජිවිතයද බොහෝසෙයින් ආකර්ශනීය කතා පුවතකි.
චැප්ලින්ගේ ප්‍රේම කතාව බොහෝ දිගු කතාන්දරයකි.ස්ත්‍රී ලෝලියෙකු වූ චැප්ලින් ප්‍රේම කිරීම කිසිදා ඇත නොහල ප්‍රේමවන්තයෙකි. ඔහුගේ සිනමා විජිතය තුල බිසෝවරු සතරකි.නිල නොලත් බිසෝවරු එමටය. චැප්ලින්ගේ ප්‍රේමයෙ දොරගුළු බොහෝ විට ඇරුනේ ඔහුට වඩා බොහෝ සෙයින් වයසින් ලාබාල ස්ත්‍රන්ටය.කුඩා සිරුරක් හිමි උවද චැප්ලින්ගේ පහස සොයා ස්ත්‍රීන් ඇදී ආවේ ඔහුගේ ජනප්‍රියත්වය සහ මිල මුදල් හේතු කොටගෙනය.අවසාන සල්ලාලයෙකු ලෙස හංවඩු ගැසෙන තරමට චැප්ලින් කතුන් කෙරෙහි දැඩි ලෙසේ ආශක්ත විය.සිය දිවිය තුළ චැප්ලින් ආශ්‍රය කල කාන්තාවන් අතර පෙගී පියර්ස් , එඩ්නා පර්වින්සේ ,බ්ලෙයාර් ශේරිසන් ,සාරි මාරිස්ටා ,පෙගී හොප්කින්ස් ,ජොයිස් පෝලා,ලුයිස් බ්රුක්ස් ,මේරියන්ස් ඩේවිඩ්, ජෝජියා හේලි,මීර්නා කෙනස් , ලා ජානා , බෙතී අමාන් බොහෝ පිරිසක් විය.
චැප්ලින් ප්‍රථම වරට විවාහ වන්නේ දහසය හැවිරිදි Mildred Harris සමගය.ඒ 1918 දිය.එවකට චැප්ලින්ගේ වයස අවුරුදු 29ක් විය.ඒ සම්බන්දයට ආයුෂ බොහෝ අඩු විය.විවාහ වී වසර දෙකක් යන්නට මත්තෙන් දෙදෙනා දික්කසාද වුහ. Mildred දික්කසාදය ලබා ගැනීමට චැප්ලින්ට එල්ල කල චෝදනාව වුයේ ඔහු ලිංගික සබදතා කරෙහි තදින් ඇබ්බැහි වූ අයෙකු ලෙසය.
චැප්ලින් දෙවන වර විවාහ වන්නේද අවුරුදු 16ක් වයසැති ලීටා ග්‍රේ සමගය.එම විවාහයෙන් ඔහුට දරුවන් දෙදෙනෙකි.1926 වන විට ලිටා සහ චැප්ලින්ගේ විවාහය දෙදරා යන්නේ මැකිය නොහැකි කැළලක් චැප්ලින්ගේ ජිවිතයට එකතු කරමිනි. චැප්ලින්ට එරෙහිව ලිටා ග්‍රේ ගොනුකළ දික්කසාද නඩු ලිපිගොනුවේ පිටු 52ක් පුරාවට සාදහන් වුයේ චැප්ලින්ගේ අපකීර්තිමත් ක්‍රියාකලාපයන්ය.එහිදී දැරූ දෙදෙනා හාමතේ තබන කෘර පියෙකු ලෙස චැප්ලින් හංවඩු ගසන ලදී . මේ සියලුම චෝදනා ගෞ කරන ලද්දේ ලිටා ග්‍රේ ගේ නීතිඥ මාම කෙනෙකු විසිනි.එය හුදෙක්ම චැප්ලින්ගෙන් විශාල වන්දියක් ලබා ගැනීමටම විය. මෙය චැප්ලින්ගේ මිල අධිකම වෙන්වීම් විය .පසු කලෙක තමන් විසින්  කරන ලද්දේ නොකළ යුතු වැරද්දක් බව ලීටා ග්‍රේ පිළිගත්තාය. චැප්ලින් යනු ඉතාමත් ආදරණිය පියෙකු විය.
චැප්ලින්ගේ තෙවන විවාහය සිදු වන්නේ 1932 දිය.ඒ පෝලට් ගොඩාඩ් සමගය.එයද 1940 වන විට අවසන් විය.ඇය Modern times  සහ The Great dictator  සිනමා පට වලට රංගනයෙන් දායක වූවාය.
සිය ජිවිත කාලය පුරාම චැප්ලින් සොයා ගිය ප්‍රේමය චැප්ලින්ට හමුවන්නේ වයස අවුරුදු 54 දිය. shadow and substance සදහා රංගනයෙන් දායක වීමට පැමිණි ඌනා ඕ නීල් රංගනය පසෙකලා චැප්ලින් සමග විවාහ වන්නිය.එවිට ඇය යන්තමින් 18 විය සම්පුර්ණ කළා පමණි.මේ දිගු වයස් පරතරය කිසිදු විටක ඔවුන්ගේ ආදරයට බාධකයක් නොවිය.මෙම විවාහයෙන් චැප්ලින්ට දරුවන් 8 දෙනෙකි.පුතුන් තිදෙනෙක් සහ දියණියන් 5 දෙනෙක් ඒ අතර විය. චැප්ලින් සහ ඌනාගේ ආදරය චැප්ලින් මිය යන තුරුම ඔහුට අවැසි ආදරය සෙනෙහස ලබා දුන් බව චැප්ලින් සිය ආත්මකතනය තුල දක්වා ඇත.
පෞද්ගලික ජීවිතය කෙසේ වුවද චැප්ලින් නිහඩ සිනමාවට කල මෙහෙය අමරණීයය.අදදු එයට සමකල හැක්කෙක් ලෝක සිනමා ඉතිහාසය තුල හදුනා ගත නොහැකිය.

සොම්බි සහ flakka

  මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත් ද්‍රව්‍යයක්   හදුනාගත හැකිය . වෙළඳ නාමය  ...