Thursday, June 15, 2017
මාළු පාන්
දැන් තියෙන්නේ පුදුමාකාර මාළු පාන් ය.මාළු පාන් කීවාට ඒවායේ මාළු ගෑවිලාවත් නැත.දැන් මාළු පාන් වල ඇත්තේ එළවලු ය.එළවලු තිබුනාට ඒවා එළවලු පාන් වන්නේද නැත.ඒවා මාළු පාන්ම වන්නේය.මාළු පාන් අරන් දෙන්නම් කියා මාළු නැති එළවලු පාන් අරන් දුන් විට අදාළ පුද්ගලයා බොරුකාරයෙක් වන්නේය.එයට හේතුව මාළු පාන් කියා අරන් දී ඇත්තේ මාළු නැති එළවලු පමණක් ඇති මාළු පාන් නිසාය.මාළු පාන් සහ මාළු බනිස් ලෙස දෙවර්ගයක් පවතිනු මා අසා ඇත.ඒ වුවාට පාන් එකේ තියා බනිසේ වත් මාළු නැත.ඒ වුනාට ඒවා මාළු පාන් ය.
මාළු පාන් කෑම පැත්තක තබා එළවලු පාන් කෑමට හිත හදා ගත්තද හරියට බැලුවම එළවලු පාන් ද නැත.එළවලු කීවාට ඒවායේ ඇත්තේද බතල පමණකි.එවිට එය බතල පාන් ය.එහෙම බැලුවම පාන් භාගයක් අරන් ගිහින් මාළු හොද්දක් හදාගෙන කෑම හිතටයි ඇගටයි දෙකටම හොදය.
Subscribe to:
Post Comments (Atom)
සොම්බි සහ flakka
මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත් ද්‍රව්‍යයක් හදුනාගත හැකිය . වෙළඳ නාමය ...
-
අද වන තුරු ප්‍රේමවෘතාන්ත චිත්‍රපට ගොන්නේ ඉහලින්ම වැජබෙන චිත්‍රපටයක් ලෙස හදුනාගත හැකි ටයිටැනික් චිත්‍රපටය 1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන...
-
1943 මැයි 30 වන දින , රත්මලානේදී උපත ලද ලූෂන් බුලත්සිංහල මහතා සිය මුලික අධ්‍යාපන කටය...
-
දැන් තියෙන්නේ පුදුමාකාර මාළු පාන් ය.මාළු පාන් කීවාට ඒවායේ මාළු ගෑවිලාවත් නැත.දැන් මාළු පාන් වල ඇත්තේ එළවලු ය.එළවලු තිබුනාට ඒවා එළවලු පා...
සුපිරි කතාව ඈ.....
ReplyDeleteදවසේ කතාව.....
ReplyDeleteමාලු සිටින්නේ මැද හරියේ බැවින් මැදට යනතුරා කිසිදු මාලුවකු දැක ගැනීමට නොහැක.
ReplyDelete