![]() |
ඔක්කොම සුදු.සුදු පාට විතරයි පාට.සුදු නංගි,සුදු අයියා....කෙල්ල සුදු නම් කොල්ල වැඩියෙන් ආදරෙයි.කෙල්ල සුදු නැත්තම් සුදු කරවන්නත් දගලයි.කොල්ල සුදු නම් අහපු ගමන් හා...චුට්ටක් කලුයි නම් දවස් දෙකකින් හා..කලුයි නම් වෙන කවුරුත්ම හිටියෙම නැත්තම් හා.අක්කා කළු නෑ,ඒක චොක්ලට් පාට.නංගි සුදු එයා කන්නේ සුදු චොක්ලට් .. කෙල්ලෝ ඔක්කොම මේකප් දාන්නේ සුදු වෙන්න.මූණට දාන මේකප් එක අතට කකුලට දාන අමතක උණු දාට ඒක වස ලැජ්ජාව.කෙල්ල සුදු නම් කොල්ල ටිකක් වැඩියෙන් ආදරෙයි.කොල්ලගේ අම්මා ඊටත් වඩා ආදරෙයි.wedding එකේ මේකප් දාන අක්කා ඊටත් වඩා ආදරෙයි.බබාලා එහෙම සුදුවට ඉදියි නේ,ඒ නෑදෑයෝ.කොල්ල කළුයි නම් කොල්ලෙක්නේ,කලුයිනේ,ඒකට මොකෝ,කෙල්ල කලුයි නම් අන්න එතන පොඩ්ඩක් විතර අවුල්.රට වටේ තියන පලතුරු ඔක්කොම ගෙනත් මූණේයි ඇගේ ගානවා.වවුලා කන්නෙම පලතුරු.කාලත් ඒකා සුදු නැති එකේ මොකෝ ඕක ගෑවා කියලා සුදු වෙයි ඈ.සුදු කියන්නේ සුදු.ඒ කියන්නේ ඉදුණු කෙස් වල පාට.එතකොට ලස්සනයි කියන්නේ ඇලී වුනාම.නෑ ඇලී කියන්නේ අසාමාන්‍යතාවයක්.එතකොට ලස්සනයි කියන්නේ අසාමාන්‍ය ලෙඩක්.ලෙඩක් නම් බෙහෙත් ගන්න වෙනවා.බෙහෙත් වලට වියදම යනවා.ඒකට වඩා හොදයි කළු වෙලාම ඉන්නව.කෙල්ලට වඩා කොල්ල සුදුයි නම් ඌව සුදු කෙල්ලන්ගෙන් පරිස්සම් කරගන්න වෙනවා.ඊට වඩා කළු කොල්ලෙක් හොයාගන්නවා.සුදු කොල්ලට සුදු කියන එකේ කොහ්මත් ගතියක් නෑ.ඌ කොහොමත් දන්නවා ඌ සුදුය් කියලා.ඒ නිසා හොදයි කළු කොල්ලෙක් හොයාගන්නවා.ඌට සුදු කියුවම ආදරෙත් වැඩි වෙනවා,ඔක්කොම ගානට කිරල මැනලා ගත්තම මට හොදයි කළු කොල්ලෙක්.......
No comments:
Post a Comment