අද වන තුරු ප්‍රේමවෘතාන්ත
චිත්‍රපට ගොන්නේ ඉහලින්ම වැජබෙන චිත්‍රපටයක් ලෙස හදුනාගත හැකි ටයිටැනික් චිත්‍රපටය 1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කර ,රචනා කර, නිෂ්පාදනය කර සංස්කරණය කරන ලද්දකි. RMS ටයිටැනික් නැව ගිලීයාමේ ව්‍යසනය කැටිකොටගත්
ප්‍රේම වෘත්තාන්තමය චිත්‍රපටයකි. 1912 දී සිය මංගල ගමනේ යෙදෙන
අතරතුරදී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වන ටයිටැනික් නෞකාව තුළදී ආදරයෙන් වෙළෙනආදරවන්තයන් දෙදෙනෙකුගේ කතාව මෙයින් දිගහැරේ. සමාජයේ වෙනස් සමාජ පන්ති දෙකකින් එන ජැක්
ඩෝසන් සහ රෝස් ඩිවිටි බුකාටර් අතර ප්‍රේම වෘතාන්තය මෙය තුළින් ගෙන හැර දක්වයි.මෙම චරිත දේකට පන
පොවන්නේ ලියනාඩෙ ඩි කැප්රියෝ සහ කේට් වින්ස්ලට් ය. මෙම
චිත්‍රපටයේ ප්‍රධාන චරිත සහ කේන්ද්‍රගත ආදර කතාව කල්පිත ඒවා වුවද සමහර සහායක චරිත(නාවික පිරිසෙහි සාමාජිකයන් වැනි) ඓතිහාසික චරිත පදනම්
කරගෙන ගොඩනගා ඇත. ග්ලෝරියා ස්ටුවර්ට් විසින් වයස් ගත රෝස් ගේ චරිතය රඟ දක්වන අතර ඇය
විසින් නූතන දින රාමුවක සිට කතාව කියනු ලැබේ. සුන්බුන් වූ සැබෑ RMS ටයිටැනික් නෞකාවෙහි කොටසක් රූපගත කළ කැමරන් විසින් 1995 දී චිත්‍රපටය නිෂ්පාදනය ආරම්භ කළේය. ඔහු විසින් මෙම ආදර කතාව සැබෑ ජීවිතයේ ශෝකාන්තය
දැනවීමට ප්‍රේක්ෂක පිරිස ඇඳ බැඳ තබා ගැනීමේ උපක්‍රමයක් ලෙස චිත්‍රපටයේ වර්තමාන දර්ශන සඳහා
රූගත කිරීම් Akademik Mstislav Keldysh හිදි
සිදු කෙරෙනු අතර Playas de Rosarito හිදී
නෞකාව යලි නිර්මාණය
කරන ලදී. ටයිටැනික් සඳහා දැරූ වියදම ඇ.ඩොලර් මිලියන 200ක් පමණ වූ අතර එය මෙතෙක් නිපදවා ඇති වැඩිම වියදම් දැරූ චිත්‍රපටයද වේ. මේ සඳහා Paramount
Pictures සහ20th Century Fox. ආයතනද මූල්‍යයමය ආධාර සපයා ඇත. චිත්‍රපටය 1997 ජුලි මස 2 වැනි දා මුලින්ම නිකුත් වීමට නියමිතව තිබුණද එයින් පසු නිෂ්පාදන
කාර්යන් නිකුත් වීමේ දිනය 1997 දෙසැම්බර් 19 වැනිදා දක්වා කල් ගියේය. ටයිටැනික් නිකුතුවේ දිනය කල් යෑම පිළිබඳ පුවත සැල වීමත් සමග මුද්‍රණාලය
ටයිටැනික් අසාර්ථකවේ යැයිද එය Fox සහ
Paramount ආයතන වල වැටීමට හේතු වේ යැයි ද විශ්වාස
කළේය. සියලු සුන්වූ බලාපොරොත්තු මැද ටයිටැනික් චිත්‍රපටය චිවේචනාත්මක වශයෙන් සහ වාණිජමය
වශයෙන් සාර්ථක චිත්‍රපටයක් බවට පත්විය. එය ‘ඇකඩම් සම්මාන’සඳහා යෝජිත නම් අතරට 14 වතාවක්
එකතු වෙමින් ඇකඩම් සම්මාන සඳහා වැඩියෙන්ම යෝජනා වු චිත්‍රපටය බවට පත්විය. ටයිටැනික් චිත්‍රපටය හොඳම චිත්‍රපටය
සඳහා ඇකඩමි සම්මානය ඇතුළුව ඇකඩම් සම්මාන 11 ක් ජයග්‍රහණය කළේය. එමෙන්ම එය ලොව වටා
ඩොලර් බිලියන 1.8ක ආදායමක් ලබමින් මෙතෙක් වැඩිම ආදායමක් ලද චිත්‍රපටය
බවටද පත්විය.
Tuesday, July 25, 2017
Subscribe to:
Post Comments (Atom)
සොම්බි සහ flakka
මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත් ද්‍රව්‍යයක් හදුනාගත හැකිය . වෙළඳ නාමය ...
-
අද වන තුරු ප්‍රේමවෘතාන්ත චිත්‍රපට ගොන්නේ ඉහලින්ම වැජබෙන චිත්‍රපටයක් ලෙස හදුනාගත හැකි ටයිටැනික් චිත්‍රපටය 1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන...
-
1943 මැයි 30 වන දින , රත්මලානේදී උපත ලද ලූෂන් බුලත්සිංහල මහතා සිය මුලික අධ්‍යාපන කටය...
-
දැන් තියෙන්නේ පුදුමාකාර මාළු පාන් ය.මාළු පාන් කීවාට ඒවායේ මාළු ගෑවිලාවත් නැත.දැන් මාළු පාන් වල ඇත්තේ එළවලු ය.එළවලු තිබුනාට ඒවා එළවලු පා...
Waw,
ReplyDelete