Wednesday, June 28, 2017

ස්ත්‍රී චර්මඡේදනය


                                                         ස්ත්‍රී චර්මඡේදනය ලෙස මුලිකවම හදුන්වන්නේ ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස්  ඡේදනයයි.මෙහිදී ස්ත්‍රීන්ගේ බාහිර ලිංගික අවයව සම්පුර්ණයෙන් ම කපා දැමීමක් හෝ කොටසක් කපා දැමීමක් සිදු කරයි.මෙය බොහෝ රටවල සාම්ප්‍රදායික කාර්‍යයක් ලෙස සිදුකරයි.විවිධ හේතුන් මුල් කොටගෙන දෙමාපියන්ගේ කැමැත්ත මත සිදුවේ.ඇතැම් සමාජවල මෙම කටයුත්ත සිදු වන්නේ ස්ත්‍රීන්ගේ දෛනික ක්‍රියාවලින් පවා අඩපන කරමිනි.එහිදී ඔවුන්ගේ සෞඛ්‍යට ලිංගික හා ප්‍රජනන කාර්යයට සිදු කරන්නේ ඉතාමත් අහිතකර බලපෑමකි.එසේම උපදින දරුවන් සහ ගර්භාෂයේ සිටින කළලයට පවා අහිතකර ලෙස බලපාන අවස්ථාද එමටය.සමාජයෙන් සමාජයට වෙනස් ලෙස ස්ත්‍රී චර්මඡේදනය අදටද ලෝකය පුරා සිදුවෙමින් පවතී.සෑම වසරකම කාන්තාවන් ම්ලියන 02ක පමණ පිරිසක් ස්ත්‍රී චර්මඡේදනයට ගොදුරු වේ. ස්ත්‍රී චර්මඡේදනය විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර,බටහිර,වයබ ප්‍රදේශවලයඑයට අමතරව වත්මන් වන විට ආසියා හා මැද පෙරදිග රටවල මෙන්ම ඇමෙරිකාවේ හා බටහිර රටවල පදිංචියට පැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම චාරිත්‍රය දක්නට ලැබේ.
ස්ත්‍රී චර්මඡේදනය කවදා කොතැනක කේසේ ආරම්භ වුවාදැයි නිශ්චිත නොවේ.එය ක්‍රිස්තියානි ,ඉස්ලාම් භක්තිකයන් අතර හටගත් බවට සමහර සාක්ෂි සදහන් වෙයි.පැරණි ඊජිප්තියානු මමීවල ස්ත්‍රී චර්මඡේදනය සිදු කොට ඇති බවට පැහැදිලි ලක්ෂණ දක්නට ඇත.ගැහැණු දරුවෙකු කාන්තාවක් බවට පත්වන්නේ එසේත් නැතිනම් විවාහයට සුදුසු වන්නේ මෙම චාරිත්‍රය සිදු කිරීමෙන් අනතුරුව බව එකල පිළිගත් මතය විය.මෙම චාරිත්‍රය සිදු කරන වයස් සීමාව සමාජයෙන් සමාජයට වෙනස් වූ අතර එය බොහෝ විට අවුරුදු 14-16 කාලයේදී සිදු කරනු ලබයි.නමුත් බොහෝ සමාජ ක්‍රම වල එය අවුරුදු  4ක් තරම් වන අවස්ථාද දක්නට හැකිය.එදා පටන් ඇය දරා සිටිනුයේ මැනිය නොහැකි වේදනාවකි.සමහර අවස්ථාවල ළමා කාලයේදී මෙන්ම වැඩි වියට පත් වූ පසුවද නැතිනම් විවාහ වූ පසු ප්‍රථම දරුව ලැබුණු පසුද මෙම ස්ත්‍රී චර්මඡේදනය සිදු කරන අවස්ථාද ඇත. ස්ත්‍රී චර්මඡේදනය සිදු කරන්නේ විවිධ කාරණා මුල් කොටගෙනය.ඒ අතර කාන්තාවන් ලිංගිකව හැසිරිම සීමා කිරීම ඔවුන්ගේ ලිංගික තෘප්තිය සීමා කිරීම ලිංගිකව එක විමේදී පුරුෂයාට  උපරිම තෘප්තිය ලබා දිම වැනි පදනමක් රහිත කරුණු වේ.කාන්තාවන් මෙකි වේදනාකාරී චාරිත්‍රයට මුහුණ පාන ලද්දේ එකල සමාජයේ මුල්බැස ගෙන තිබූ මිත්‍යා මත හේතු කොටගෙනය.කාන්තාවකගේ භගමනිය නොකපුවහොත් එය පුරුෂ ලිංගයක් මෙන් වර්ධනය වන බව, ලිංගික අවයව කැපීම මගින් දරුවන්ට නොමැරී ජිවත් වීමේ හැකියාව ලැබීම ,එමගින් සුන්දරත්වය සහ පිරිසිදු බව ඇතිවන බව , කාන්තාව පිරිසිදු වන්නේ ස්ත්‍රී චර්මඡේදනයෙන් පසුව බව ඒ අතර වෙයි.
මේ සදහා නිශ්චිත වූ පුද්ගලයෙක් හෝ වෛද්‍ය උපකරණ නොමැත.වින්නබු කාන්තාවන්, කරණවෑමියන් ,කාන්තා නෑදයන් ,සාම්ප්‍රදායික වෛද්‍යවරුන් හා අහිකුන්ටක කාන්තාවන් විසින් මෙම කර්තව්‍යය සිදු කරන ලදී.පිහි, කතුරු, විදුරු කැබලි, බ්ලේඩ්, දැලි පිහි, ගල් පතුරු ආදිය මෙයට භාවිත කොට ඇත.මෙම උපකරණ සදහා කිසිදු ආකාරයක විෂබීජ හරණයක් සිදු නොකරන අතර එම හේතුව නිසාම ස්ත්‍රී චර්මඡේදණයෙන් අනතුරුව බොහෝ කාන්තාවන් විෂබීජ ආසාදනය හා අධික රුධිර  වහනය හේතුකොටගෙන මියයයි.මෙම චර්මඡේදනයේදී කිසිදු ආකාරයක නිර්වින්දනයක් සිදු නොකරන අතර  චර්මඡේදනයෙන් පසුව සති 10-14 කට අධික කාලයක් දෙපා ඒකට එක් කර සෙලවීමටවත් නොහැකි වන ආකාරයෙන් ගැට ගසා තබනු ලැබේ.

සොම්බි සහ flakka

  මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත් ද්‍රව්‍යයක්   හදුනාගත හැකිය . වෙළඳ නාමය  ...