Thursday, July 27, 2017

සොම්බි සහ flakka

 මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත්ද්‍රව්‍යයක්  හදුනාගත හැකිය.වෙළඳ නාමය  flakkah වන මෙහි විද්යාත්මක නාමය වන්නේ alpha-Pyrrolidinopentiophenone ය.මෙය මිට අමතරව α-pyrrolidinovalerophenone, α-PVP, O-2387, β-keto-prolintane, Prolintanone හෝ  Desmethyl Pyrovalerone ලෙසද වෛද්‍ය විද්‍යාව තුල හඳුන්වනු ලබයි. එය කැටිනෝන් පන්තියේ ඇම්පෙටැමයිමින් වැනි උත්තේජකවලින් සාදා ඇති කෘතිම අනුවාදයකින් සාදා ඇත.මෙය 1960 ගණන් වල කෘත්‍රිමව නිර්මාණය කරන ලද උත්තේජකයකි. එය  භාවිතා කරන්නේ හීන වූ  ශක්තිය නැවත  ලබා දෙමින් ශරීරය උත්තේජනය කිරීම සඳහාය.නමුත් මෙම කෘත්‍රිම උත්තජක ඖෂධය පසුකාලීනව මත්ද්‍රව්‍යයක් ලෙස වෙළඳ පලට නිකුත් වේ.ඒ flakka නැත්නම් gravel ලෙසය.flakka අධික ලෙස ශරීර ගත වීම නිසා මිනිසා ප්‍රකෘර්ති ස්වභාවයෙන් වීකෘති ස්වභාවයට පත්වේ.ඔබ මුහුණු පොත හරහා මේ දිනවල නරබන්නේ එසේ අධිමාත්‍රාවකින් flakka ශරීර ගත වුවන්ය.ඔවුන් සම්පුර්ණයෙන්ම සොම්බින් ලෙස හැසිරෙන්නේ අධිමාත්‍රික flakka හේතුවෙනි.නමුත් ඔවුන් කිසිදු විටක සොම්බින් බවට පත්වන්නේ නැත.flakka ශරීර ගත වූ පසු ශරීරය එය දිගින් දිගටම ඉල්ලීම නිසා මිනිසුන් මෙයට ඇබ්බැහි වේ.එහිදී වරින් වර ලබාගන්න මාත්‍රාවන් ශරීරයට ඔරොත්තු දීම නිසා පුද්ගලයන් සිදු කරන්නේ ගන්න මාත්‍රාව වැඩි කිරීමය.මෙහිදී ඔවුන් නොදැනුවත්වම අධිමාත්‍රාවක් ශරීර ගත කරගැනීමට පෙළබේ.එමගින් ඔවුන් විවිධ දේවල් මවාගනී.ඔවුන්ට සිතෙන්නේ තමන් යෝධයෙකු හෝ අධි හැකියාවකින් යුත් පුද්ගලයෙක් ලෙසය.එම නිසාම තට්ටු 100 ක ගොඩනැගිල්ලකින් වුවද පැනීමට ඔවුන් දෙපාරක් සිතන්නේ නැත.සියදිවි නසාගැනීමේ සම්බාවිතාවය වැඩිකිරීමට flakka දක්වන්නේ ඉහල දායකත්වයකි. flakka දිගින් දිගටම භාවිත කිරීම මොලයට සහ ශරිරට කරන්නේ සුළුපටු හානිකිරීමක් නොව.flakka භාවිත කරන පුද්ගලයා එයින් මුදවා ගත හැකි වුවද එය නැවත නැවතත් ශරීරය ඉල්ලීම නිසා මෙය තරමක් අපහසු වී ඇත. flakka මට්ටම ශරිරට දාරගත නොහැකි වූ අව්වස්තවල එම පුද්ගලයන් අනුන්ට වගේම තමන්ටද හානි කරගැනීමට පෙලබෙයි.එයට අමතරව හදවත අක්‍රියවීම සහ වකුගඩු ආබාධ  නිසාද මරණ සිදුවේ.

2014 ජනවාරි 28 දින flakka ඇමෙරිකානු රජය විසින් තාවකාලිකව තහනම් කරන අතර ඉන් අනතුරුව එය සම්පුර්න තහනමකට යටත් කරන ලදී.2015 ඔක්තෝම්බර් වන විට එය චිනයේද තහනම් කරන ලදී.2012 ජනවාරි මස ඉතාලි ජනාධිපති විසින් flakka මත්ද්‍රව්‍යක් ලෙස හදුන්වන ලදී.2016 ජුලි මස වන විට ඔස්ට්‍රලියානු රජය flakka තහනම් කරන ලද්දේ එරට විෂකාරක නිර්ණායකයන්ට යටත්ව  කිසිම ආකාරයක ලබාගැනීමට,ලබාදීමට නිෂ්පාදනයට  හෝ විකිනීමට නොහැකි ලෙසය.බොහෝ අත්වල flakka සම්පුර්ණයෙන් සහනම් කර නොමැති වුවද එය භාවිත කල හැකි නිර්නායකයන් පැහැදිලිව දක්වා ඇත.වෛද්‍ය  විද්‍යාත්මක පර්යේෂණ සදහා හෝ ක්‍රීඩා සඳහා flakka භාවිත කල හැක්කේ සෞඛ්‍ය අධිකාරින්ගේ පුර්න අනුමැතිය සහිතව පමණි.flakka සම්පුර්ණයෙන්ම තහනම් කර ඇති රටවල් ලෙස අස්ටොනියාව,ෆින්ලන්තය,ප්‍රංශය ,ජර්මනිය,හංගේරියාව,අයර්ලන්තය,ලිතුවේනියාව,පෝලන්තය,රුමේනියාව,ස්වීඩනය,බ්‍රිතාන්‍ය ,නොර්වේ සහ චෙක් ජනරජය හඳුනාගත හැකිය.
link බලන්න .
https://www.youtube.com/watch?v=eXUREU3JKEA
https://www.youtube.com/watch?v=ZIfeAwGlo_o

2 comments:

සොම්බි සහ flakka

  මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත් ද්‍රව්‍යයක්   හදුනාගත හැකිය . වෙළඳ නාමය  ...