Wednesday, June 14, 2017

වාරණය







                                                                               වාරණය සතුව පවතින්නේ ඉතාමත්  දිගු ඉතිහාසයකි. වාරණය හෙවත් Censorship යන පදය ශ්‍රී  සුමංගල ශබ්ද කෝෂයේ අර්ථ දක්වා ඇත්තේ වැළකීම, බාධක, වළකන යන අදහස සහිතවය. එසේම වාරණය පරිහාර කිරීම යනුවෙන්ද හඳුන්වති.වාරණය කිරීමේ මූලික අදහස වන්නේ මහජනතාව හෙවත් ග්‍රාහක ප්‍රජාව වෙත යමක් සන්නිවේදනය වීමට පෙර සංදේශගත තොරතුරු හා පුවත්, මෙන්ම කලා නිර්මාණයන් කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම හෝ ඉවත් කර දැමීමේ, තහනම් කිරීමේ හෝ ඒවා ග්‍රාහක ප්‍රජාව වෙත සන්නිවේදනය කළ පසුව සන්නිවේදකයාට දඬුවම් කිරීමේ ක්‍රමය වේ.( Project Censored ) ආයතනය වාරණය නිර්වචනය කරන්නේ මෙසේය.
                                බලය යොදා හෝ නොමැතිව පක්ෂ භජනය, අතහැර දැමීම, කරුණු සැඟවීම හෝ ස්වයං වාරණය, තොරතුරු සැඟවීම මගින් සමාජය තුළ සැබැවින්ම සිදුවන දේ ජනතාවට දැන ගැනීම වැළැක්වීම වාරණයයි
                                                වාරණයේ ඉතිහාසය ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වාම දිවයයි. එනම් සෑම ගෝත්‍රයක් තුළම සිදු නොකළ යුතු දේ හෙවත් විරිත්, තහංචි සහ එයට අදාළ ආචාරධර්ම හා නීති පද්ධති පවතී. මේවා ශිෂ්ටාචාරයේ සෑම පැතිකඩක් වෙතම පුළුල් ලෙස විසිරී පැතිරී පවතී. මේවා ක්‍රමානුකූලව වාරණ පද්ධති බිහිකිරීමට අවශ්යස පසුබිම සකස් කර දෙති.
එසේම සම්ප්‍රධායික තහංචි මගින්ද සිදු වනුයේ එක්තරා වාරණ ක්‍රියාදාමයකි. මෙම වාරණයට දිගු ඉතිහාසයක් පවතී. එකල මෙය වාරණය ලෙස හැඳිනොවුණද, අතීතයේ සිට පවතින තහංචි මගින් මෙම වාරණය ක්‍රියාත්මක වූ බව ඉතිහාසය පෙන්වා දෙයි.
මෙම තහංචි හෙවත් (Taboo ) යන වචනය සම්භවය වී ඇත්තේ පොලිනීසියානු වචනයකි. මෙම Taboo යන වචනය යුරෝපයට හඳුන්වා දී ඇත්තේ වර්ෂ 1728-1779 වකවානුවේදී පෙරදිග රටවල් සොයා මුහුදු ගවේෂණයේ යෙදුණු කපිතාන් ඡේම්ස් කුක් බව (A Dictionary of Communication and Media Studies) කෘතියේ සඳහන් වේ.
අපේ ශ්‍රී ලංකාව තුළද සිංහල ජන සමාජයේ විවිධ විශ්වාස හා ඇදහිලි හරහා විශේෂයෙන් ථේරවාදී බුදුදහම, දේව විශ්වාස හා භූත විද්‍යාව ඇදහීම් තුළින්ද මෙම තහංචි වල මූලික අවස්ථාවන් හඳුනාගත හැකිය. එම තත්ත්වය පසුව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම නිසා විවිධ ආකාරයේ සමාජ තහංචි පැවැති බව අපගේ ඉතිහාසය සාක්ෂි් දරයි.
අතීතයේදී මෙම තහංචි පනවා තිබෙන්නේ සමාජයේ පොදු යහපතට හා චිරස්ථිතියට අනුගත නොවන පොදු ආකල්පයට හා එකඟතාවට පටහැනි ක්‍රියාවන්ගෙන් වැළකීමේ හා වැළැක්වීමේ අරමුණ පෙරදැරිව බව දක්නට ලැබේ.
මෙම තහංචි වලට ගෝත්‍රික සමාජය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් පවතී. එසේම මේ තහංචි පිළිබඳව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයන්හි මොහන්දජාරෝ - හරප්පා ශිෂ්ටාචාරයන් හි මෙන්ම ආසියානු කලාපයේ සම්ප්‍රදායික සමාජ ඇසුරින්ද කොතෙකුත් සාක්ෂි- හමුවී තිබේ.මෙම තහංචි වත්මන් වාරණයේ මුලික පදනමයි.
වාරණයේ ඉතිහාසය කලා මාධ්‍යයන්ගේ ඉතිහාසය තරම්ම පැරැණිය. මෙම වාරණය ආරම්භයේ පටන්ම සදාචාරය හා ආචාරධර්ම සමඟ බැඳී පවතී. පුරවැසියන්ගේ සදාචාරාත්මක දිවිමග මුළු මහත් සමාජයේ යහපැවැත්ම කෙරෙහි ප්‍රබල ලෙස බලපැවැත්වෙන බැවින් සමාජයේ යහපැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකි හැසිරීම් වලින් ජනතාව වළක්වාලීමත්, එවැනි අහිතකර හැසිරීම් සඳහා ජනතාව පොළඹවන බලවේග මැඬලීම රාජ්‍ය සතු වගකීමක් බවට පත්විය. එම වගකීම රාජ්‍ය මගින් ඉටු කරලීමට පියවර ගැනීම නිසා කලා මාධ්‍යයන්ගේ වාරණය බිහිවිය.
මේ අනුව කලා මාධ්‍යයන්ගේ වාරණය හෙවත් දෝෂ පරික්ෂාව (Censorship) ආරම්භ වූ අතර ඒවායේ නොගැලපෙන දැ ඇතොත් ඒවා ඉවත්කොට කලා මාධ්‍යයන්ගේ අනුමත කිරීම සිදුවිය. මේ ආකාරයට කලා නිර්මාණයන්ගේ දෝෂපරීක්ෂාව රෝම රජවරුන්ගේ කාලයේ පටන් ආරම්භ විය. වාරණය හෙවත් දෝෂපරීක්ෂාවෙ මුඛ්‍ය අරමුණ වූයේ සමාජයේ ප්‍රගතියට, සදාචාරයට, ජනතා විනයට අහිතකර දැ හා ආගම් විරෝධී වූ රාජ්‍ය විරෝධී වූ ප්‍රකාශන මහජනතාව අතට පත් කිරීම වැළැක්වීමය. නමුත් රාජ්‍ය පාලකයන් මෙම සද් කාර්යභාරය හරහා තමන්ට හා තම පාලනයට අහිතකර වන ප්‍රකාශන පළ කිරීම වළක්වාලීමටද මෙම වාරණය ඉතාමත් සියුම් ලෙස භාවිත කරති.
කිසියම් කලා නිර්මාණයක් තහනමට ලක්වෙන්නෙ අනවශ්‍ය ලෙස ලිංගිකත්වය හුවා දැක්වීම හෝ ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් බලපෑමක් ඇති කරන ආන්දෝලනාත්මක කරුණු  ඉදිරිපත් කිරීම වැනි සාධක නිසා පමණක්ම නෙමෙයි. විවිධ දේශපාලන බලපෑම් මතත් සමහර විට අදාල බලධාරීන්ගේ නොදැනුවත්කම් මතත් ඇතැම් කලා නිර්මාණ වාරණයට ලක්වී තිබෙනවා.
මේ අනුව මුද්‍රිත ලේඛනයක් පිළිබඳ මූලික වාරණයක් පනවා තිබෙන්නේ වර්ශ 1538 දීය.

1 comment:

සොම්බි සහ flakka

  මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත් ද්‍රව්‍යයක්   හදුනාගත හැකිය . වෙළඳ නාමය  ...