Wednesday, June 28, 2017

කළු සුදු

  සුදු.....
ඔක්කොම සුදු.සුදු පාට විතරයි පාට.සුදු නංගි,සුදු අයියා....කෙල්ල සුදු නම් කොල්ල වැඩියෙන් ආදරෙයි.කෙල්ල සුදු නැත්තම් සුදු කරවන්නත් දගලයි.කොල්ල සුදු  නම් අහපු ගමන් හා...චුට්ටක් කලුයි නම් දවස් දෙකකින් හා..කලුයි නම් වෙන කවුරුත්ම  හිටියෙම නැත්තම් හා.අක්කා කළු නෑ,ඒක චොක්ලට් පාට.නංගි සුදු එයා කන්නේ සුදු චොක්ලට් .. කෙල්ලෝ ඔක්කොම මේකප් දාන්නේ සුදු වෙන්න.මූණට  දාන මේකප් එක අතට කකුලට දාන අමතක උණු දාට ඒක වස ලැජ්ජාව.කෙල්ල සුදු නම් කොල්ල ටිකක් වැඩියෙන් ආදරෙයි.කොල්ලගේ අම්මා ඊටත් වඩා ආදරෙයි.wedding එකේ මේකප් දාන අක්කා ඊටත් වඩා ආදරෙයි.බබාලා එහෙම සුදුවට ඉදියි නේ,ඒ නෑදෑයෝ.කොල්ල කළුයි  නම් කොල්ලෙක්නේ,කලුයිනේ,ඒකට මොකෝ,කෙල්ල කලුයි නම් අන්න  එතන පොඩ්ඩක් විතර අවුල්.රට වටේ තියන පලතුරු ඔක්කොම ගෙනත් මූණේයි ඇගේ ගානවා.වවුලා කන්නෙම පලතුරු.කාලත් ඒකා සුදු නැති එකේ මොකෝ ඕක ගෑවා කියලා සුදු වෙයි ඈ.සුදු කියන්නේ සුදු.ඒ කියන්නේ ඉදුණු කෙස් වල පාට.එතකොට ලස්සනයි කියන්නේ ඇලී වුනාම.නෑ ඇලී කියන්නේ අසාමාන්‍යතාවයක්.එතකොට ලස්සනයි කියන්නේ අසාමාන්‍ය ලෙඩක්.ලෙඩක් නම් බෙහෙත් ගන්න වෙනවා.බෙහෙත් වලට වියදම යනවා.ඒකට වඩා හොදයි කළු වෙලාම ඉන්නව.කෙල්ලට වඩා කොල්ල සුදුයි නම් ඌව සුදු කෙල්ලන්ගෙන් පරිස්සම් කරගන්න වෙනවා.ඊට වඩා කළු කොල්ලෙක් හොයාගන්නවා.සුදු කොල්ලට සුදු කියන එකේ කොහ්මත් ගතියක් නෑ.ඌ කොහොමත් දන්නවා ඌ සුදුය් කියලා.ඒ නිසා හොදයි  කළු කොල්ලෙක් හොයාගන්නවා.ඌට සුදු කියුවම ආදරෙත් වැඩි වෙනවා,ඔක්කොම ගානට කිරල මැනලා ගත්තම මට හොදයි කළු කොල්ලෙක්.......

Thursday, June 15, 2017

මාළු පාන්




දැන් තියෙන්නේ පුදුමාකාර මාළු පාන් ය.මාළු පාන් කීවාට ඒවායේ මාළු ගෑවිලාවත් නැත.දැන් මාළු පාන් වල ඇත්තේ එළවලු ය.එළවලු තිබුනාට ඒවා එළවලු පාන් වන්නේද නැත.ඒවා මාළු පාන්ම වන්නේය.මාළු පාන් අරන් දෙන්නම් කියා මාළු නැති එළවලු පාන් අරන් දුන් විට අදාළ පුද්ගලයා බොරුකාරයෙක් වන්නේය.එයට හේතුව මාළු පාන් කියා අරන් දී ඇත්තේ මාළු නැති එළවලු පමණක් ඇති මාළු පාන් නිසාය.මාළු පාන් සහ මාළු බනිස් ලෙස දෙවර්ගයක් පවතිනු මා අසා ඇත.ඒ වුවාට පාන් එකේ තියා බනිසේ වත් මාළු නැත.ඒ වුනාට ඒවා මාළු පාන් ය.
මාළු පාන් කෑම පැත්තක තබා එළවලු පාන් කෑමට හිත හදා ගත්තද හරියට බැලුවම එළවලු පාන් ද නැත.එළවලු කීවාට ඒවායේ ඇත්තේද බතල පමණකි.එවිට එය බතල පාන් ය.එහෙම බැලුවම පාන් භාගයක් අරන් ගිහින් මාළු හොද්දක් හදාගෙන කෑම හිතටයි ඇගටයි දෙකටම හොදය.

Wednesday, June 14, 2017

ලූෂන් බුලත්සිංහල


                                  






 1943 මැයි 30 වන දින, රත්මලානේදී උපත ලද ලූෂන් බුලත්සිංහල මහතා සිය මුලික අධ්‍යාපන කටයුතු රත්මලාන ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයෙනුත්, උසස් පෙළ කටයුතු දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙනුත් හැදෑරීය . පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක්ද හිමි කර ගත්තේය. ලූෂන් බුලත්සිංහල මහතා ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කවියෙකු, රංගන ශිල්පියෙකු, රචකයෙකු සහ වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙකදු වෙයි. 1981 වසරේදී ඔහු විසින් රචනා කල තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය කා අතරත් අවධානයට සහ ඇගයීමට ලක්විය. ඔහු ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වැඩසටහන් සම්පාදනය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයක් හෙබවූවෙක්ද වෙයි.
                                               එතුමා විසින් රචනා කල ගීත අතර රජ මැදුරක ඉපදී සිටියානම්, දම් පාටින් ලා ,සඳ සිරියහනේ ලණු ඉහිරී, ආන් නගේ සල් අත්තේ පාංකිරිත්තා, ඔසරි පොටෙන් අදින්නෙපා, කොලොම්තොට නැත මහලු වී, කන්‍යාවී ,දෙතොල නොකී දේ ආදී ගීත බොහෝ ප්‍රචලිත අතර 1960 දී එල්. එල්. කේ. ගුණතුංග විසින් අධ්‍යක්ෂණය කළ අශෝක මාලා නාට්‍යයේ සාලියගේ චරිතයට පණ පොවමින්, ලූෂන් මහතා රංගන ක්ෂේත්‍රරයට අවතීර්ණ වූවේය.එතුමා සිය රංගන ප්‍රතිභාව ප්‍රධානය කල  ටෙලි නාට්‍ය අතර නටු නැති මල්,  1987 තාරා දේවි (අධ්‍යක්ෂණය) ,2013 පුංචි වලව්ව හඳුනා ගත හැකිය.
                                           2014 හෝ ගාන පොකුණ (විදුහල්පති ලෙස), 2008 අබා (අභය ලෙස) 1984 කිරි කවඩි, 1982 සිටු දියණිය, 1981 ආරාධනා, 1980 හංස විලක් ,1980 දඬු මොණරා, 1979 චූඩා මාණික්‍යය ,1979 හත් දින්නත් තරු ,1970 වෙස් ගත්තෝ, 1967 සැඩොල් කඳුළු ආදී සිනමා පට සඳහාද දායක වූ මෙතුමා දක්ෂ රංගන ශිල්පියෙක්ද විය .
                                     1985 දී පිපුණු මලේ රුව ග්‍රන්ථය රචනා කරමින් ග්‍රන්ථ රචනය සඳහා මුල් පොත් තැබූ මෙතුමෝ එතැන් පටන් 2000 දී කේමදාස න්‍යාය භාවිතය සහ අරගලය, 2004 සිහින ඔපෙරා දෙකක්, 2004 තාරාවෝ ඉගිලෙති නාට්‍යය රචනා කරන ලදී.

වාරණය







                                                                               වාරණය සතුව පවතින්නේ ඉතාමත්  දිගු ඉතිහාසයකි. වාරණය හෙවත් Censorship යන පදය ශ්‍රී  සුමංගල ශබ්ද කෝෂයේ අර්ථ දක්වා ඇත්තේ වැළකීම, බාධක, වළකන යන අදහස සහිතවය. එසේම වාරණය පරිහාර කිරීම යනුවෙන්ද හඳුන්වති.වාරණය කිරීමේ මූලික අදහස වන්නේ මහජනතාව හෙවත් ග්‍රාහක ප්‍රජාව වෙත යමක් සන්නිවේදනය වීමට පෙර සංදේශගත තොරතුරු හා පුවත්, මෙන්ම කලා නිර්මාණයන් කොටස් වශයෙන් හෝ සම්පූර්ණයෙන්ම හෝ ඉවත් කර දැමීමේ, තහනම් කිරීමේ හෝ ඒවා ග්‍රාහක ප්‍රජාව වෙත සන්නිවේදනය කළ පසුව සන්නිවේදකයාට දඬුවම් කිරීමේ ක්‍රමය වේ.( Project Censored ) ආයතනය වාරණය නිර්වචනය කරන්නේ මෙසේය.
                                බලය යොදා හෝ නොමැතිව පක්ෂ භජනය, අතහැර දැමීම, කරුණු සැඟවීම හෝ ස්වයං වාරණය, තොරතුරු සැඟවීම මගින් සමාජය තුළ සැබැවින්ම සිදුවන දේ ජනතාවට දැන ගැනීම වැළැක්වීම වාරණයයි”
                                                වාරණයේ ඉතිහාසය ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වාම දිවයයි. එනම් සෑම ගෝත්‍රයක් තුළම සිදු නොකළ යුතු දේ හෙවත් විරිත්, තහංචි සහ එයට අදාළ ආචාරධර්ම හා නීති පද්ධති පවතී. මේවා ශිෂ්ටාචාරයේ සෑම පැතිකඩක් වෙතම පුළුල් ලෙස විසිරී පැතිරී පවතී. මේවා ක්‍රමානුකූලව වාරණ පද්ධති බිහිකිරීමට අවශ්යස පසුබිම සකස් කර දෙති.
එසේම සම්ප්‍රධායික තහංචි මගින්ද සිදු වනුයේ එක්තරා වාරණ ක්‍රියාදාමයකි. මෙම වාරණයට දිගු ඉතිහාසයක් පවතී. එකල මෙය වාරණය ලෙස හැඳිනොවුණද, අතීතයේ සිට පවතින තහංචි මගින් මෙම වාරණය ක්‍රියාත්මක වූ බව ඉතිහාසය පෙන්වා දෙයි.
මෙම තහංචි හෙවත් (Taboo ) යන වචනය සම්භවය වී ඇත්තේ පොලිනීසියානු වචනයකි. මෙම Taboo යන වචනය යුරෝපයට හඳුන්වා දී ඇත්තේ වර්ෂ 1728-1779 වකවානුවේදී පෙරදිග රටවල් සොයා මුහුදු ගවේෂණයේ යෙදුණු කපිතාන් ඡේම්ස් කුක් බව (A Dictionary of Communication and Media Studies) කෘතියේ සඳහන් වේ.
අපේ ශ්‍රී ලංකාව තුළද සිංහල ජන සමාජයේ විවිධ විශ්වාස හා ඇදහිලි හරහා විශේෂයෙන් ථේරවාදී බුදුදහම, දේව විශ්වාස හා භූත විද්‍යාව ඇදහීම් තුළින්ද මෙම තහංචි වල මූලික අවස්ථාවන් හඳුනාගත හැකිය. එම තත්ත්වය පසුව ක්‍රමක්‍රමයෙන් වර්ධනය වීම නිසා විවිධ ආකාරයේ සමාජ තහංචි පැවැති බව අපගේ ඉතිහාසය සාක්ෂි් දරයි.
අතීතයේදී මෙම තහංචි පනවා තිබෙන්නේ සමාජයේ පොදු යහපතට හා චිරස්ථිතියට අනුගත නොවන පොදු ආකල්පයට හා එකඟතාවට පටහැනි ක්‍රියාවන්ගෙන් වැළකීමේ හා වැළැක්වීමේ අරමුණ පෙරදැරිව බව දක්නට ලැබේ.
මෙම තහංචි වලට ගෝත්‍රික සමාජය දක්වා දිවෙන දිගු ඉතිහාසයක් පවතී. එසේම මේ තහංචි පිළිබඳව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයන්හි මොහන්දජාරෝ - හරප්පා ශිෂ්ටාචාරයන් හි මෙන්ම ආසියානු කලාපයේ සම්ප්‍රදායික සමාජ ඇසුරින්ද කොතෙකුත් සාක්ෂි- හමුවී තිබේ.මෙම තහංචි වත්මන් වාරණයේ මුලික පදනමයි.
වාරණයේ ඉතිහාසය කලා මාධ්‍යයන්ගේ ඉතිහාසය තරම්ම පැරැණිය. මෙම වාරණය ආරම්භයේ පටන්ම සදාචාරය හා ආචාරධර්ම සමඟ බැඳී පවතී. පුරවැසියන්ගේ සදාචාරාත්මක දිවිමග මුළු මහත් සමාජයේ යහපැවැත්ම කෙරෙහි ප්‍රබල ලෙස බලපැවැත්වෙන බැවින් සමාජයේ යහපැවැත්මට අහිතකර ලෙස බලපෑ හැකි හැසිරීම් වලින් ජනතාව වළක්වාලීමත්, එවැනි අහිතකර හැසිරීම් සඳහා ජනතාව පොළඹවන බලවේග මැඬලීම රාජ්‍ය සතු වගකීමක් බවට පත්විය. එම වගකීම රාජ්‍ය මගින් ඉටු කරලීමට පියවර ගැනීම නිසා කලා මාධ්‍යයන්ගේ වාරණය බිහිවිය.
මේ අනුව කලා මාධ්‍යයන්ගේ වාරණය හෙවත් දෝෂ පරික්ෂාව (Censorship) ආරම්භ වූ අතර ඒවායේ නොගැලපෙන දැ ඇතොත් ඒවා ඉවත්කොට කලා මාධ්‍යයන්ගේ අනුමත කිරීම සිදුවිය. මේ ආකාරයට කලා නිර්මාණයන්ගේ දෝෂපරීක්ෂාව රෝම රජවරුන්ගේ කාලයේ පටන් ආරම්භ විය. වාරණය හෙවත් දෝෂපරීක්ෂාවෙ මුඛ්‍ය අරමුණ වූයේ සමාජයේ ප්‍රගතියට, සදාචාරයට, ජනතා විනයට අහිතකර දැ හා ආගම් විරෝධී වූ රාජ්‍ය විරෝධී වූ ප්‍රකාශන මහජනතාව අතට පත් කිරීම වැළැක්වීමය. නමුත් රාජ්‍ය පාලකයන් මෙම සද් කාර්යභාරය හරහා තමන්ට හා තම පාලනයට අහිතකර වන ප්‍රකාශන පළ කිරීම වළක්වාලීමටද මෙම වාරණය ඉතාමත් සියුම් ලෙස භාවිත කරති.
කිසියම් කලා නිර්මාණයක් තහනමට ලක්වෙන්නෙ අනවශ්‍ය ලෙස ලිංගිකත්වය හුවා දැක්වීම හෝ ආගමික සහ සංස්කෘතිකමය වශයෙන් බලපෑමක් ඇති කරන ආන්දෝලනාත්මක කරුණු  ඉදිරිපත් කිරීම වැනි සාධක නිසා පමණක්ම නෙමෙයි. විවිධ දේශපාලන බලපෑම් මතත් සමහර විට අදාල බලධාරීන්ගේ නොදැනුවත්කම් මතත් ඇතැම් කලා නිර්මාණ වාරණයට ලක්වී තිබෙනවා.
මේ අනුව මුද්‍රිත ලේඛනයක් පිළිබඳ මූලික වාරණයක් පනවා තිබෙන්නේ වර්ශ 1538 දීය.

නැගෙනහිර දිනූ යුවතිය




                                                                             කතා කරන්නට නම් බෙනාසීර් භුතෝ යනු අභිමානවත් මාතෘකාවකි. ජීවිතය දිනවන්නට  ඈ ගිය ගමන බොහො කටු කොහොලින් පිරි ගිය එකක් විය.මග දිගට අත්වාරුවක් වන්නට සිටි පියාද ඇයට අහිමි කල පසු ජීවිතය අයට ලබා දුන්නේ ජිවත් වන්නන්ට ජීවිතය ඉගැන්වීමට පුංචි බලාපොරොත්තුවක් පමණි.

දේශපාලන ජිවිතයේ ඇගේ එකම හව්හරන වූයේ ඇගේ පියා පමණකි.සිරගත වී සිටි පියා හමුවීම ඇගේ දේශපාලන සංජානනය වර්ධනය කල තෝතැන්න විය.ලොවක් අගය කල දිරිය දියණියකගේ දේශපාලන මග හසර පුළුල් කල මුල් ගුරුවරයා ඇගේ පියා විය.
ඇය පකිස්තානයේ 11 වැනි  අගමැති ලෙස බෙනාසීර් භූතෝ තේරී පත්වන්නේ මුස්ලිම් රාජයක බලයට පත් වූ ප්‍රථම අගමැතිනිය ලෙසය.

පකිස්තානයේ කරචි නුවර Zulfikar ali ඇගේ පියා වූ අතර මව Nusrat Bhutto වූවාය.බෙනාසීර් භුතෝ දෙවතාවක් අගමැති තනතුර වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අතර 1988 ප්‍රථම වතාවට අගමැතිවරිය ලෙස දිවුරුම් දුන්නාය .නමුදු ඉන් මාස 20කට පසුව එවක ජනාධිපති වූ Ghulam khan විසින් ඇය තනතුරෙන් පහ කරන ලද්දේ දූෂණ චෝදනා එල්ල කොටය.නැවත වතාවක් 1933 දී අගමැති සටනට එකතු වී එයින් ජයග්‍රහණය කරන්නීය.එහිදිද පෙර චෝදනාවම එල්ල කරමින් එවක ජනපති වූ Farooq leghari අයව නැවත තනතුරෙන් නෙරපන ලදී.

නමුදු ඇය කිසිදිනක සිය සටන අත නොහැරියාය.කාන්තාවන්ට මිසෙකු ලෙස වුවද ලැබිය යුතු මුලිකම අයිතිවාසිකම් පවා අහිමි කරන මුස්ලිම් රාජ්‍යක කාන්තාවක ලෙසද අගමැති වරියක ලෙසද ඇය විදි කරදර මෙපමණකැයි ලඝු කොට දැක්විය නොහැක.ඇගේ මේ සටන්කාමි ක්‍රියාපිළිවෙත නිසාම අය සතුරන් අතින් ඝාතනය වන්නිය.

සොම්බි සහ flakka

  මේ දිනවල මුහුණු පොත හරහා දිගින් දිගටම කතාවෙන මාතෘකාවක් ලෙස සොම්බින් බවට පත්වන මත් ද්‍රව්‍යයක්   හදුනාගත හැකිය . වෙළඳ නාමය  ...